ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 6:19 - Sinhala New Revised Version 2018

‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, පූප කූඩයෙන් එක නුමුහුන් පූපයකුත්, එක නුමුහුන් තුනී පූප පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, රොටි කූඩයෙන් එක නුමුහුන් රොටියකුත්, එක නුමුහුන් තුනී රොටි පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජකයා බැටළුවාගේ පිසනලද ඉස්සරහ ගාතය සහ පැසෙන් මුහුන් නැති එක රොටියක්ද මුහුන් නැති සිහින් පූපයක්ද ගෙන ඒවා නසරීයයා තමාගේ කැපවීමේ හිස බූගෑවායින් පසු ඔහුගේ අත් පිට තබා,

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 6:19
7 හුවමාරු යොමු  

නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,


ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.


මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.


එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති පූප සමඟ වළඳන්න.


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට


ඒ හැර, තෙල දැවී යන්නටත් පෙර පූජකයාගේ වැඩකාරයා අවුත්, පූජා ඔප්පු කරන මිනිසාට කතා කොට, “පූජක තුමාට පුළුස්සන්නට මස් දෙන්න; මන්ද, එතුමා අමු මස් මිස පිසූ මස් ඔබෙන් නොපිළිගන්නේ ය”යි කී ය.