ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 5:15 - Sinhala New Revised Version 2018

මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 5:15
9 හුවමාරු යොමු  

එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.


ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක.


ඉශ්රායෙල්වරු ආධාර පිණිස මිසරය කෙරෙහි තවත් විශ්වාසය නොතබන්නෝ ය. මිසරයට වන දුර්භාග්‍යය, එය කෙරේ විශ්වාසය තැබීමේ වරද ඉශ්රායෙල්වරුන්ට මතක් කර දෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”


මම ද, රිදී මිල පසළොසක් ද යව කිලෝග්‍රෑම් එකසිය පණහක් ද දී ඈ ලබාගෙන,


“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නුඹලා අතරෙන් යමෙකු සමිඳාණන් වහන්සේට පූජාවක් ගෙනෙන විට, ඒ සඳහා ගව පට්ටියෙන් හෝ එළු බැටළු පට්ටියෙන් හෝ සතෙකු ගෙන ආ හැකි ය.


“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.


“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.


‘පූජකවරයා ඈ ළඟට කැඳවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවිය යුතු ය.


එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදුපතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි.