Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:15 - Sinhala Revised Old Version

15 ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:15
9 හුවමාරු යොමු  

ඔවුන් දෙසට හැරීමෙන්, ඉශ්‍රායෙල් වංශයේ අපරාධය සිහිකරවන හැටියට, තවත් ඔව්හු මොවුන්ගේ විශ්වාසයට හේතු නොවන්නෝය. මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.


එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.


කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය.


නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය.


මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:


යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,


එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ සිටුවා,


ඔවුන් ඒ අයට දිවුරුම් දී තිබෙන නුමුත් ඒක බොරු පේනකීමක් වාගේ ඔවුන්ට පෙනේ. නුමුත් ඔවුන් අසුවෙන පිණිස ඔහු අයුතුකම සිහිකරන්නේයයි කීය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්නැයි කීසේක–නුඹලාගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද නුඹලාගේ පූජාව ඔප්පුකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්