ගණන් කථාව 5:14 - Sinhala New Revised Version 2018 සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. Sinhala New Revised Version සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. Sinhala Revised Old Version ඈ අපවිත්‍රව සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් එසේ නැත්නම් ඈ අපවිත්‍ර නොවී සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් යෙදුණේවීනම්, |
ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.
“එබැවින් ජාතීන්ට විරුද්ධ ව මා නැඟී චෝදනා කරන දවස වන තෙක් සිටින්න. මාගේ උදහසේ වේගය ඔවුන්ට දැනෙන පිණිස ජාතීන් ද රට රාජ්‍යයන් ද එක්රැස් කිරීමට මා තීරණය කර ඇත. මන්ද, මාගේ කෝපාග්නියෙන් මුළු පොළොව දැවී යන්නේ ය.
යම්කිසි සැමියෙකු තම බිරිඳ ගැන ශංකා සහගත ව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇය සිටුවන විට ද බලපාන නීතිය මෙය වේ. පූජකවරයා ඈ පිළිබඳ ව මේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු වේ.