සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ පූප තිබුණු මේස ද,
ගණන් කථාව 4:14 - Sinhala New Revised Version 2018 ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ. Sinhala New Revised Version ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ. Sinhala Revised Old Version ඒක පිට සේවය කිරීමට ගන්න ඒකේ සියලු භාජන එනම් ගිනි භාජනද මස් කොකුද පාත්‍රද තලිද යන පූජාසනයේ සියලුම බඩු ඒක පිට තබා තහෂ් හම් වැස්මක් ඒක පිට අතුරා ඒකේ පොලු තබත්වා. |
සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ පූප තිබුණු මේස ද,
“ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි.
තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය.
“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.
ඉන්පසු පදම් කළ සම් ආවරණය එය මත දමා, මේ සියල්ල මත නිල් පාට රෙද්දක් ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොලු ඊට දැමිය යුතු වේ.