Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 27:3 - Sinhala New Revised Version 2018

3 තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:3
17 හුවමාරු යොමු  

හැළි ද හැඳි ද තැටි ද යන මේවා ය. හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔප දැමූ ලෝකඩින් විය.


සැළි ද හැඳි ද මස් කොකු ද ඒවායේ සියලු බඩු ද ඔහු සෑදුවේ ය. ඔහුට පියෙකු වූ හූරාම්-අබි සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට ඒ බඩු ඔප දැමූ පිත්තලෙන් සෑදුවේ ය.


තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය.


පවිත්‍ර රන් මස් කොකුවලත්, තාලිවලත්, පාත්‍රවලත්, රන් කුසලාන්වලත්, සැලැස්ම ද එක එක කුසලානේ බර ද රිදී කුසලාන්වල සැලැස්ම ද එක එක කුසලානේ බර ද


ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.


තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.


ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ.


ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ


ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය.


මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.


එය සමඟ ඒකාබද්ධ ව සිටින සේ එහි කොන් හතරේ අං හතරක් සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු යි.


ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.


තනි රනින් කළ බඳුන් ද පහන් කතුරු ද තැටි ද පාත්‍ර ද ධූම පාත්‍ර ද ඇතුළු මැදුර වන අතිශුද්ධස්ථානයේ දොරවලටත්, මාලිගාවේ දොරවලටත් රන් සරණේරු ද සෑදෙව්වේ ය.


ඇතිලි ද හැඳි ද පහන් කතුරු ද පාත්‍ර ද මෙහෙයට පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගත්හ.


මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්