ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
ගණන් කථාව 36:2 - Sinhala New Revised Version 2018 “දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය. Sinhala New Revised Version “දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය. Sinhala Revised Old Version දේශය උරුමයක් කොට පසඇට දැමීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ අපේ ස්වාමිතුමාට අණකළසේක. අපේ ස්වාමිතුමා අපේ සහෝදරවූ ශෙලෝඵෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේගෙන් අණ ලැබීය. |
ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.
හොඳයි, ඔවුන් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිරිමින්ගෙන් කෙනෙකු හා විවාහ වූවොත්, එවිට අපේ පියවරුන්ගේ උරුමයෙන් කොටසක් ගනු ලැබ, ඔවුන් විවාහ වූ ගෝත්‍රයේ උරුමයට එය එකතු වනු ඇත. මෙලෙස දාදු දැමීමෙන් අප ලත් උරුමය අඩු වනු ඇත.
ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න.