මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
ගණන් කථාව 35:15 - Sinhala New Revised Version 2018 මේ නගර හය, ඉශ්රායෙල් ජනයා සඳහා ද විදේශිකයන් සඳහා ද තාවකාලික ව පදිංචි වූ අය සඳහා ද අභය භූමි වනු ඇත. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඔහුට එහි පලා යත හැකි ය. Sinhala New Revised Version මේ නගර හය, ඉශ්රායෙල් ජනයා සඳහා ද විදේශිකයන් සඳහා ද තාවකාලික ව පදිංචි වූ අය සඳහා ද අභය භූමි වනු ඇත. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඔහුට එහි පලා යත හැකි ය. Sinhala Revised Old Version අත් වැරුද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් හය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් විදේශියාටත් ඔවුන් අතරේ සිටින ආගන්තුකයාටත් ආරක්ෂාව පිණිස වේවා. |
මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
“ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙන් ම ඔවුන් අතර වසන විදේශිකයන් කෙරෙහි ද එක ම නීතියක් බල පාන්නේ ය. මන්ද මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකු අදහස් නොකර, සමිඳාණන් වහන්සේගේ ආඥාවකට විරුද්ධ ව පව් කොට, තහනම් කළ දෙයක් කර යම් පනතක් කඩ කරන්නට පුළුවන. එවිට ඔහු මෙලෙස කළ යුතු ය.”
නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ ”
නුඹලාගේ යහපතට, අභය භූමි නගර නියම කළ යුතු ය. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඒ මිනීමරුවාට එවැනි නගරයකට පලා යත හැක.
දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක් ද? විජාතීන්ගේත් දෙවියන් වහන්සේ නොවන සේක් ද? එසේ ය, විජාතීන්ගේත් දෙවියන් වහන්සේ ය.
ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.