Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:16 - Sinhala New Revised Version 2018

16 නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක ව්‍යවස්ථාවක් හා එක නියෝගයක් තිබිය යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:16
8 හුවමාරු යොමු  

ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”


“ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙන් ම ඔවුන් අතර වසන විදේශිකයන් කෙරෙහි ද එක ම නීතියක් බල පාන්නේ ය. මන්ද මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”


තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්‍රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ ”


යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


“සාමාන්‍ය කෙනෙකු අදහස් නොකර පව් කරමින්, සමිඳාණන් වහන්සේගේ පනතකින් තහනම් වූ දෙයක් කොට වැරදිකාරයෙකු වී,


මේ නගර හය, ඉශ්රායෙල් ජනයා සඳහා ද විදේශිකයන් සඳහා ද තාවකාලික ව පදිංචි වූ අය සඳහා ද අභය භූමි වනු ඇත. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඔහුට එහි පලා යත හැකි ය.


සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.


“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්