ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 34:6 - Sinhala New Revised Version 2018

‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බස්නාඉර සීමාවට වනාහි මහ මුහුද නුඹලාගේ සීමාව වන්නේය. ඒක නුඹලාගේ බස්නාඉර සීමාව වන්නේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 34:6
12 හුවමාරු යොමු  

මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.


“ දේශයේ සීමා මෙසේ ය: උතුරු දිශාවේ මධ්‍යධරණි මුහුදේ සිට සෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන ලෙබෝ හමාත් ද බේරෝතා ද


“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.


එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත.


උතුරු මායිම මධ්‍යධරණි මුහුදේ සිට හෝර් කන්ද දක්වා ද


නප්තලීගේ මුළු දේශය ද එප්‍රායිම්ගේ සහ මනස්සේගේ දේශයෙන් ද මධ්‍යධරණි මුහුද දක්වා පිහිටි ජුදාගේ මුළු දේශය ද


පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත.


එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.


බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය.


අෂ්දොද් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. මිසරයේ ඔය සහ මධ්‍යධරණි මුහුදත් එහි අසබඩත් දක්වා ගාසා ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.


ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.


ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල,