Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 34:6 - Sinhala Revised Old Version

6 බස්නාඉර සීමාවට වනාහි මහ මුහුද නුඹලාගේ සීමාව වන්නේය. ඒක නුඹලාගේ බස්නාඉර සීමාව වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 34:6
12 හුවමාරු යොමු  

බස්නාහිර පැත්ත නම් සීමාවේ පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මහ මුහුදය. බස්නාහිර පැත්ත ඒකය.


දේශයේ සීමාව මෙසේය: උතුරු දිශාවේ මහ මුහුදේ සිට ශෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන හමාත්ද බේරෝතාද


මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය


ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.


අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.


බස්නාහිර සීමාව නම් මහ මුහුදත් එහි අසබඩත්ය. යූදා පුත්‍රයන්ගේ පවුල්වල හැටියට වටේට තිබුණ ඔවුන්ගේ සීමාව මේය.


යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,


කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තීවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහමුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේය.


අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය.


නුඹලාගේ උතුරු සීමාව මෙසේ වන්නේය: මහ මුහුද පටන් හෝර් කන්ද දක්වා ලකුණුකරගන,


මුළු නප්තලීයද එප්‍රායිම් සහ මනස්සේ දේශයද අපරදිගවූ මුහුද දක්වා තිබෙන මුළු යූදා රටද,


එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්