එවිට ඔව්හු උතුරට ගොස්, ශීන් නම් පාළුකරයේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූ හ.
ගණන් කථාව 34:4 - Sinhala New Revised Version 2018 ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත. Sinhala New Revised Version ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත. Sinhala Revised Old Version නුඹලාගේ සීමාව අක්‍රබ්බීම්හි නැගුමට දකුණෙන් හැරී ශීනට පැමිණ, කාදෙෂ්-බර්නේයට දකුණෙන් වැටී, එතැනින් හශර්-අද්දාර්ටත් එයින් අශ්මොන්ටත් වන්නේය. |
එවිට ඔව්හු උතුරට ගොස්, ශීන් නම් පාළුකරයේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූ හ.
පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ.
පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.
දකුණු පැත්ත ශීන් නම් පාළුකරයේ සිට ඒදොම් දේශ සීමාව ඔස්සේ ය. දකුණු මායිම මළ මුහුදේ දකුණු කොණට නැගෙනහිරින් පටන්ගනු ඇත.
ජුදා ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණු කොටස, දකුණෙහි ඒදොම් සීමාව වන ශීන් පාළුකරයේ දකුණු සීමාන්තය දක්වා ම පිහිටා තිබිණි.