Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 34:4 - Sinhala Revised Old Version

4 නුඹලාගේ සීමාව අක්‍රබ්බීම්හි නැගුමට දකුණෙන් හැරී ශීනට පැමිණ, කාදෙෂ්-බර්නේයට දකුණෙන් වැටී, එතැනින් හශර්-අද්දාර්ටත් එයින් අශ්මොන්ටත් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 34:4
9 හුවමාරු යොමු  

දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය.


අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.


එසේ නුඹලාගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, නුඹලාගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.


යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණු කොටස දකුණට ඒදොම්හි සීමාව වන ශීන් කාන්තාරය දක්වා දකුණු සීමාව තෙක්ම පිහිටා තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්