ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 31:9 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයා මිදියන් ස්ත්‍රීන් සහ දරුදැරියන් ද සිරබාරයට ගෙන ඔවුන්ගේ ගවමහිෂයන්, එළු බැටළු පට්ටි සහ ධනසම්පත් සියල්ල පැහැරගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් ජනයා මිදියන් ස්ත්‍රීන් සහ දරුදැරියන් ද සිරබාරයට ගෙන ඔවුන්ගේ ගවමහිෂයන්, එළු බැටළු පට්ටි සහ ධනසම්පත් සියල්ල පැහැරගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිදියන් ස්ත්‍රින්ද ඔවුන්ගේ බාලයන්ද වහල්කමට ගෙන ඔවුන්ගේ සියලු ගවයන්ද ඔවුන්ගේ සියලු සිව්පා රැළවල්ද ඔවුන්ගේ සියලු සම්පත්ද කොල්ලයක් කොට ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 31:9
9 හුවමාරු යොමු  

ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ.


ඔව්හු සිවුපාවුන්ගේ මඩුවලටත් පහර දී බොහෝ බැටළුවන් ද ඔටුවන් ද අල්ලාගෙන ජෙරුසලමට හැරී ආවෝ ය.


ඒ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන් සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝ ය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවූයෙන් ඒ රජ තෙමේ මහා ඝාතනයකින් ඔහු පරාජය කෙළේ ය.


තවද, ඔවුන් විසූ නගර හා කඳවුරු සියල්ල ද ගිනිබත් කළහ.


එහෙත්, යුද්ධ භටයන් කොල්ලකෑ දේ ඔව්හු තමන්ට ම තබාගත්හ.


ඔවුන්ගෙන් මැරුම්කෑ අය අතර එවී, රෙකෙම්, ශූර්, හුර් සහ රෙබා යන මිදියන් රජුන් පස්දෙනා ද වූ හ. තවද, ඔව්හු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩුවෙන් මරාදැමූ හ.


එහෙත්, කාන්තාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද ඒ නුවරින් කොල්ලකාගත් මුළු වස්තුව ද ඔබේ ප්‍රයෝජනයට තබාගත හැකි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් ඔබේ සතුරන්ගේ කොල්ලකාගත් වස්තුව ඔබට භුක්ති විඳිය හැකි ය.