ගණන් කථාව 31:2 - Sinhala New Revised Version 2018 “මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක. Sinhala New Revised Version “මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක. |
ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.
මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.
මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.
එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති සමිඳාණන් වදාරන මේ දේට සවන් දෙන්න; “මම මාගේ එදිරිකාරයන් අබිබවා මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි;
සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.
“නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.
ආරොන්ගේ ඇඳුම් ගලවා, ඔහු පුත් එලෙයාසර්ට ඒවා පළඳවන්න. ආරොන් එහි දී මරණයට පත් වනු ඇතැ”යි වදාළ සේක.
ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.
එවිට, මෝසෙස් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ හඬ හඬා සිටිය දී, ඔවුන්ට පෙනෙන්නට ම, එක් ඉශ්රායෙල් ජාතිකයෙක් මිදියන් ජාතික ස්ත්‍රියක තම සොහොයුරන් වෙත කැඳවාගෙන ආයේ ය.
නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.
එවිට මෝසෙස් සෙනඟට කතා කොට, “ඔබගෙන් සමහරෙකු යුද්ධයට සැරසී, මිදියන්වරුන්ට විරුද්ධ ව ගොස්, ඔවුන් සමිඳාණන් වහන්සේට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු ය.
දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය.
මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.
මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි.
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ අවසානය වහා පැමිණේ.
මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය.
මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.
මන්ද; “පළිගැනීම මා සතු ය, විපාක දෙන්නේ මම ය”යි ද, “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේකැ”යි ද, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු.
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.”
ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.
සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ.
ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.