Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:2 - Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:2
30 හුවමාරු යොමු  

නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය.


ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය.


ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.


මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.


ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.


මක්නිසාද: පළිගැනීම මට අයිතිය, මම්ම ප්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරනසේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව.


මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.


මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.


ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.


කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.


මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.


ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.


සෙනඟ ඔහු දුටු කල තමුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. මක්නිසාද: අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළාවූ, අපෙන් බොහෝ දෙනෙකු මැරුවාවූ අපේ සතුරා අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.


ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.


මෝසෙස් සෙනඟට කථාකොට: මිදියන්වරුන්ට විරුද්ධව ගොස් ස්වාමීන්වහන්සේ උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්නා පිණිස නුඹලා අතරෙන් මිනිසුන් යුද්ධයට සන්නද්ධකරන්න.


එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය.


ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක.


ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.


ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.


ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය.


ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.


එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.


ඉශ්‍රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


මෙසේ මා මේ දේශයෙහි මැරෙන්ට ඕනෑය, මා යොර්දානෙන් එගොඩට නොයා යුතුය. එහෙත් නුඹලා එගොඩට ගොස් ඒ යහපත් දේශය හිමි කරගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්