එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.
ගණන් කථාව 28:24 - Sinhala New Revised Version 2018 මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය. Sinhala New Revised Version මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය. Sinhala Revised Old Version එලෙස සත් දවසක් එක එක දවසට ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවේ ආහාරය ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව ඇර ඒකත් ඒකේ පාන පූජාවත් ඔප්පුකරනු ලබන්නේය. |
එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.
ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය.
පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මෙය ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ආහාර පූජාවකි.
“නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.
තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි.