පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.
ගණන් කථාව 27:17 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය. Sinhala Revised Old Version ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය. |
පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.
එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ ”යි කීවේ ය.
දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.
ඔබ එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පෙළ කඩාගෙන ඒමට වෑයම් කරන තැනැත්තා මරන්න ආ යුතු ය. රජු යන එන විට ඔබ ඔහු සමඟ සිටින්නැ”යි ඔවුන්ට අණ කෙළේ ය.
එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල ඉඳිනු දිටිමි. එවිට සමිඳාණන් වහන්සේ ‘මොවුන්ට ස්වාමියෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යේවා’යි වදාළ සේකැ”යි කීවේ ය.
පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.
උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.
උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.
දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.
ඔහු ඔවුන් අමතමින් මෙසේ පැවසී ය: “මට අද වයස අවුරුදු එකසිය විස්සකි. මට තවත් රිසි පරිදි යන්න එන්න බැරි ය. ‘ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර නොවනු ඇතැ’යි සමිඳාණන් වහන්සේ ද මට වදාළ සේක.
ඔබ බැටළුවන් මෙන් මංමුළා ව යමින් සිටියහු ය. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එඬේරා ද භාරකාරයා ද වෙතට ඔබ හැරී සිටින්නහු ය.
ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.
එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ.