ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 26:3 - Sinhala New Revised Version 2018

මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්–

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 26:3
10 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණ ලා ජොර්දාන් ගඟින් එතෙර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.


“සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ මිසර දේශයෙන් නික්ම ආ ඉශ්රායෙල් ජනයාට අණ කළ පරිදි අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන්ගේ සංගණනය ගත යුතු ය”යි කීහ.


මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.


ඉන්පසු ඔව්හු ජොර්දාන් ගං තෙර ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ කඳවුරේ සිටි මෝසෙස් ද පූජක එලෙයාසර් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද වෙත සිරකරුවන් හා පැහැරගත් කොල්ලය ද ගෙනාහ.


එතැනින් නික්ම ජොර්දාන් ගං තෙර වූ ජෙරිකෝ නුවර මෝවබ් මිටියාවතේ ද කඳවුරු බැඳගත්හ.


තවද, සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගං තෙර, ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ දී මෝසෙස්ට මෙසේ වදාළ සේක:


ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද


උන් වහන්සේ බෙත්-පෙයො‍්ර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති.


ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණෝ ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය.