Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 26:3 - Sinhala Revised Old Version

3 මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:3
10 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.


අබාරීම් කඳුවලින් පිටත්ව ගොස් යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.


තවද ස්වාමීන්වහන්සේ යොර්දාන් අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්:


යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ එලෙයාසර්ද විසින් ගණන්කරනු ලැබූවෝ මොව්හුය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන තිස් දවසක් වැලපුණෝය. මෙසේ මෝසෙස් ගැන අඬා වැලපීමේ දවස් ඉකුත්විය.


උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි.


ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,


ඔව්හු යොර්දාන් අසබඩ යෙරිකෝව සමීපයෙහි වූ මෝවබ් සමභූමිවල කඳවුරේ සිටි මෝසෙස් සහ පූජකවූ එලෙයාසර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවද වෙතට අල්ලාගත්තවුන් හා මෘගයන්ද කොල්ලයද ගෙනාවෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්