ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 26:29 - Sinhala New Revised Version 2018

මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මනස්සේ සහ එප්‍රායිම්ය. මනස්සේගේ පුත්‍රයෝ නම්: මාකීර්ගෙන් පැවත ආ මාකීර් පවුලය. මාකීර්ට දාව ගිලියද් උපන්නේය. ගිලියද්ගෙන් පැවත ආ ගිලියද් පවුලය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 26:29
9 හුවමාරු යොමු  

එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය.


තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.


පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.


ජෝසෙප්ගේ පුතුන්ගේ පවුල්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පරපුරට අයත් පවුල්වල ප්‍රජා මූලිකයෝ මෝසෙස් ද ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් හා නායකයන් ද ඉදිරියට පැමිණ,


“ගිලියද් දේශය මම මාකීර්ට දුනිමි.


ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.


ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.