ගණන් කථාව 24:8 - Sinhala New Revised Version 2018 දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද, දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ඔවුන් තම හතුරු ජාතීන් කාදමනු ඇත, ඇටකටු සිඳ බිඳ, ඊතල සුන්බුන් කරනු ඇත. Sinhala New Revised Version දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද, දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ඔවුන් තම හතුරු ජාතීන් කාදමනු ඇත, ඇටකටු සිඳ බිඳ, ඊතල සුන්බුන් කරනු ඇත. Sinhala Revised Old Version දෙවියන්වහන්සේ මිසරයෙන් ඔහු ගෙනෙන සේක; ඔහුට කුළුහරකාට මෙන් ශක්තිය ඇත්තේය. ඔහු තමාගේ සතුරන්වූ ජාතීන් කා දමා, ඔවුන්ගේ ඇට පොඩිකරන්නේය, තමාගේ ඊගස්වලින් ඔවුන් විද දමන්නේය. |
එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි.
සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි. දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.
“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය.
සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.
සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.
දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත.
පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.”
හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ, “මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.
මැරුම් කෑ අයගේ ද අල්ලාගත් අයගේ ද ලෙයින්, මාගේ ඊගස් පොඟවමි; දිගු කෙස් ඇති නායකයන්ගේ මාංසය මාගේ කඩුවට ගොදුරු වන්නේ ය.
ඔබ අයිති කරගන්නට යන දේශයට “දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක.
ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත.