ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 20:20 - Sinhala New Revised Version 2018

එහෙත් රජ තෙම, “ඔබ හැමට යාම තහනම් ය”යි අණ කෙළේ ය. මෙසේ කී පසු ඒදොම් වැසියෝ මහා බලය පාමින්, විශාල පිරිසක් රැගෙන ඔවුන්ට විරුද්ධ ව පැමිණියා හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් රජ තෙම, “ඔබ හැමට යාම තහනම් ය”යි අණ කෙළේ ය. මෙසේ කී පසු ඒදොම් වැසියෝ මහා බලය පාමින්, විශාල පිරිසක් රැගෙන ඔවුන්ට විරුද්ධ ව පැමිණියා හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු: නුඹ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 20:20
10 හුවමාරු යොමු  

තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.


දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ.


මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි.


එහෙත්, ඒදොම්හි රජ ඔවුන්ට කතා කොට, “මාගේ දේශය මැදින් ඔබ හැමට ගමන් කිරීම තහනම් ය. එසේ කළොත් මම ඔබ හැමට විරුද්ධ ව යුද්ධ අරඹමි”යි කී ය.


මෙසේ වූයේ ඒදොම්හි රජු ඉශ්රායෙල් ජනයාට තම දේශය මැදින් යාමට අවසර නුදුන් බැවිනි. එබැවින් ඉශ්රායෙල් ජනයා එතැනින් වෙන අතකට හැරුණාහ.


එවිට ඉශ්රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර ලැබේවා’යි කී හ. එහෙත්, ඒදොම් රජු එයට සවන් නොදුන්නේ ය. මෝවබ් රජු වෙතටත් එසේ ම පණිවුඩකාරයෝ යවනු ලැබූ හ. ඔහු ද ඒ ඉල්ලීමට කැමැති නො වී ය. ඉශ්රායෙල්වරු කාදෙෂ්හි නැවතී සිටියෝ ය.


එහෙත්, සීහොන් රජ තමාගේ දේශය මැදින් ඉශ්රායෙල්වරුන් යාම ගැන සැක කර, තමාගේ මුළු සෙනඟ රැස් කොට, ජහශ්හි කඳවුරු බැඳ, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.