ගණන් කථාව 19:9 - Sinhala New Revised Version 2018 ඉන්පසු වත්පිළිවෙත් අනුව පවිත්‍ර යැයි සැලකෙන මිනිසෙකු වැස්සීගේ අළු එකතු කර, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තැබිය යුතු ය. ඉශ්රායෙල් ජනතාවට, තමන්ගේ පව්වලින් පවිත්‍ර වීම සඳහා, අපවිත්‍රකම පහකරන ජලය පිළියෙළ කිරීමට ඒ අළු ආරක්ෂා කොට තැබිය යුතු ය. Sinhala New Revised Version ඉන්පසු වත්පිළිවෙත් අනුව පවිත්‍ර යැයි සැලකෙන මිනිසෙකු වැස්සීගේ අළු එකතු කර, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තැබිය යුතු ය. ඉශ්රායෙල් ජනතාවට, තමන්ගේ පව්වලින් පවිත්‍ර වීම සඳහා, අපවිත්‍රකම පහකරන ජලය පිළියෙළ කිරීමට ඒ අළු ආරක්ෂා කොට තැබිය යුතු ය. Sinhala Revised Old Version පවිත්‍ර මනුෂ්‍යයෙක් ගොන් නෑම්බියගේ අලු එකතුකර කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තබාවා, එය අපවිත්‍රකම පහකිරීමේ වතුරක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව උදෙසා තබාගනු ලබන්නේය. එය පාප පූජාවක්ය. |
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.
යමෙක් යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම්, ඒ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින්, ඔහු අපවිත්‍ර ය. අපවිත්‍රතාව ඔහුට තිබේ ය යි සැලකෙනු ඇත.
“ ‘මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා, පාපයෙන් පවිත්‍ර වීමට පිළිස්සූ වැස්සියගේ අළු ගෙන, භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතු ය.
ඉන්පසු පවිත්‍ර යයි සැලකෙන යමෙකු, හිසොප් කිනිත්තක් ගෙන, වතුරේ පොඟවා කූඩාරමට ද එහි බඳුන් සියල්ලට ද එහි සිටි සියල්ලන්ට ද ඇටකටුවක් හෝ මරණ ලද කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළ තැනැත්තාට ද ඉසිය යුතු ය.
නුඹ ඒ සතා පූජක එලෙයාසර්ට භාර දිය යුතු ය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු, ඔහු ඉදිරියෙහි දී ම කෙනෙකු වැස්සිය මැරිය යුතු ය.
ඒ සතා ගින්නේ පිළිස්සූ තැනැත්තා ද වතුරෙන් තම ඇඳුම් සෝදා ජලස්නානය කළ යුතු ය. ඔහු ද හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.
මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත.
ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.
එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.
මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.