Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 19:10 - Sinhala New Revised Version 2018

10 වැස්සීගේ අළු එකතු කළ තැනැත්තා ද තම ඇඳුම් සෝදාගත යුතු ය. ඔහු ද හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ. මෙම නියෝගය ඉශ්රායෙල් ජනයා සඳහා ද ඔවුන් අතර කලකට වසන විදේශිකයන් සඳහා ද සදහට ම වලංගු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 වැස්සීගේ අළු එකතු කළ තැනැත්තා ද තම ඇඳුම් සෝදාගත යුතු ය. ඔහු ද හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ. මෙම නියෝගය ඉශ්රායෙල් ජනයා සඳහා ද ඔවුන් අතර කලකට වසන විදේශිකයන් සඳහා ද සදහට ම වලංගු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ගොන් නෑම්බියගේ අලු එකතුකරන්නා තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය. ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද ඔවුන් අතරෙහි සිටින විදේශියාටද සදාකාල පනතක් පිණිස වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:10
10 හුවමාරු යොමු  

ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”


තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ.


එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”


තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.


මෙය නුඹලාට සදහට ම වලංගු නියෝගයකි. අපවිත්‍ර වීම පහකරන ජලය ඉහින තැනැත්තා තම ඇඳුම් සෝදාගත යුතු ය. ඒ ජලය ස්පර්ශ කරන තැනැත්තා හවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.


ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්