ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”
ගණන් කථාව 18:22 - Sinhala New Revised Version 2018 මින් ඉදිරියට ඉශ්රායෙල් ජනතාව සම්මුඛ මණ්ඩපයට ළඟා නොවිය යුතු ය. එසේ කළොත්, ඔවුන් පව් කරන බැවින් මැරෙනු ඇත. Sinhala New Revised Version මින් ඉදිරියට ඉශ්රායෙල් ජනතාව සම්මුඛ මණ්ඩපයට ළඟා නොවිය යුතු ය. එසේ කළොත්, ඔවුන් පව් කරන බැවින් මැරෙනු ඇත. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයෝ පාපය දරා නොනසින පිණිස මෙතැන් පටන් රැස්වීමේ කූඩාරම ළඟට නොපැමිණෙත්වා. |
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”
යම් මිනිසෙකු තම පියාගේ සහෝදරයෙකුගේ බිරිඳ සමඟ සයනය කළොත්, එවැන්නක් ඔහුගේ පියාගේ සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ පාපය ගැන වගකිව යුතු අතර, දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.
“එබැවින් පූජකවරුන් සියලු දෙන මාගේ නියෝග පිළිපැදිය යුතු ය. ඔවුන් ඒවා කඩ කළොත්, ඒවා ගැන වරදකරුවන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන් කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
පූජාසනයට හා අතිශුද්ධස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත්, නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතු ය. මෙය නුඹලාගේ වගකීම ය. නුඹට මා පූජක නිලය පැවරුයේ තිළිණයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ.”
එහෙත්, නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිලයේ සේවාවන් ඉටු කිරීම පිණිස පත් කළ යුතු ය. අන් කිසිවෙකු ළං වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ ය”යි වදාළ සේක.
මණ්ඩපයේ ඉදිරිපිට සිට එහි පෙරදිගට එනම්, සම්මුඛ මණ්ඩපයෙන් නැගෙනහිර අංශයට කූඩාරම් ගැසිය යුත්තෝ නම් මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ වෙති. මොවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා ශුද්ධස්ථානයේ පවත්වන මෙහෙයයන් පිළිබඳ වගකීම දැරිය යුතු ය. අන් කිසිවෙකු ළඟා වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ.