තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය.
ගණන් කථාව 15:24 - Sinhala New Revised Version 2018 එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. Sinhala New Revised Version එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. Sinhala Revised Old Version එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා. |
තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය.
ඒ අවස්ථාවේ දී, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට දවන යාග පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොස්දෙනෙකු ද බැටළුවන් අනූහයදෙනෙකු ද බැටළු පැටවුන් හැත්තෑහත්දෙනෙකු ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස්දෙනෙකු ද ඔප්පු කළෝ ය. ඒ සියල්ල සමිඳාණන් වහන්සේට ඔප්පු කළ මහා දවන පූජාවක් විය.
ඉන්පසු පාප පූජාවක් සඳහා එක එළු පැටියෙකු ද සහභාගිකමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද පුද කළ යුතු ය.
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකු අදහස් නොකර, සමිඳාණන් වහන්සේගේ ආඥාවකට විරුද්ධ ව පව් කොට, තහනම් කළ දෙයක් කර යම් පනතක් කඩ කරන්නට පුළුවන. එවිට ඔහු මෙලෙස කළ යුතු ය.”
“අධිපතියෙකු අදහස් නොකර පව් කරමින්, තම දෙවි සමිඳාණන් වහන්සේගේ පනත්වලින් තහනම් කළ දෙයක් කර, වැරදිකරුවෙකු වී,
තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය.
“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.
ඔහු වන්දි ගෙවීමේ පූජාවට තක්සේරු කළ ලෙස රැළෙන් එතරම් වටිනා, නොකැළැල් බැටළුවෙකු පූජකවරයා වෙත ගෙනා යුතු ය. පූජකවරයා ද ඒ තැනැත්තා නොදැනුවත්ව, අදහස් නොකර, කළ දෙයට කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ.
එසේ නැත් නම්, උන් වහන්සේ ඒවා අණ කළ දින පටන් ඉදිරියට මතු පරම්පරාවන්, මෝසෙස් මඟින් දුන් ආඥා කඩ කළොත්,
මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ.
මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”