Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:24 - Sinhala Revised Old Version

24 එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:24
14 හුවමාරු යොමු  

තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,


නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


හැරී ආවාවූ වාල්කමේ පුත්‍රයෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට දවන පූජා පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් අනූ හදෙනෙක්ද බැටළුපැටවුන් හැත්තෑ හත්දෙනෙක්ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ද ඔප්පුකළෝය. ඒ සියල්ල ස්වාමීන්වහන්සේට ඔප්පුකළ දවන පූජාවක්ය.


තවද ඔව්හු දෙවියන් වහන්සේගේ මේ ගෘහය කැපකිරීමේදී ගොනුන් සියයක්ද බැටළුවන් දෙසියයක්ද බැටළුපැටවුන් හාරසියයක්ද ඉශ්‍රායෙල්හි ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් කොට එළුවන් දොළොස්දෙනෙක්ද ඔප්පුකළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]


අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,


ඔහු නුඹ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය.


එනම් ස්වාමීන්වහන්සේ ආඥා පැණෙවු දවස පටන් නුඹලාගේ පරම්පරාවන්හි පවත්වාගනයන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා නුඹලාට අණකෙරෙවූ සියල්ලෙන් යමක් නොකර ඇරියොත්,


එසේ වැරදිල්ලකින් මුළු සෙනඟ එය කළ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවටත් ඔවුන් අතරෙහි සිටින විදේශියාටත් කමාව ලැබේ.


තවද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ශාන්ති පූජාවක් පිණිස එක් අවුරුදු බැටළුපැටවුන් දෙන්නෙක්ද ඔප්පුකළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්