ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 14:29 - Sinhala New Revised Version 2018

ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, නුඹලාගේ මුළු ගණන වන නුඹලා අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ නුඹලා සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 14:29
13 හුවමාරු යොමු  

එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා දිවුළ සේක.


එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක.


තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව,


ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පනස් දෙනෙක් විය.


එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.


ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ.


එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.


කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.


උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ මළ අය සමඟ නොවේ ද?


ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය.


සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.