ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද?
ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්,
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද?
ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.