තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
ගණන් කථාව 10:14 - Sinhala New Revised Version 2018 පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය. Sinhala New Revised Version පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය. Sinhala Revised Old Version පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. |
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.