Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 7:12 - Sinhala New Revised Version 2018

12 පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 7:12
13 හුවමාරු යොමු  

ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,


ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද,


අම්මිනාදාබ් නාෂොන්ගේ ද නාෂොන් සල්මොන්ගේ ද


පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය.


පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.


ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.


රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,


ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “සෑම ප්‍රජා මූලිකයෙකු ම තමාට නියම දවසේ දී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතු ය”යි වදාළ සේක.


ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.


තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.


ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.


මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්