කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
කොලොස්සි 2:4 - Sinhala New Revised Version 2018 මා මෙසේ කියන්නේ කිසිවකුගේ බොරු චාටුවලින් ඔබ මුළා නොවන පිණිස ය. Sinhala New Revised Version මා මෙසේ කියන්නේ කිසිවකුගේ බොරු චාටුවලින් ඔබ මුළා නොවන පිණිස ය. සිංහල කාලීන පරිවර්තනය මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය. Sinhala Revised Old Version මෙසේ මා කියන්නේ සිත් ප්‍රසන්න කරන කථාවෙන් කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන පිණිසය. |
කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න.
මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.
ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත.
මාගේ කතාව හා දෙසුම මා ප්‍රකාශ කෙළේ සිත් පොළඹවන සුලු, ප්‍රඥාවන්ත වචනවලින් නොව, ආත්මයාණන් වහන්සේගේ බලයෙනි,
එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.
මේ ප්‍රශ්නය මතු වූයේ කිතුනු සහභාගිකම තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලන්න අප අතරට රිංගාගත් ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා ය. මොවුන් අප වහල් කරගැනීමට තැත් කළ නමුත්
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.
එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න.
පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය.
තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති.
ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.
තේරුමක් නැති හිස් දෙඩවිලිවලින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිසා භක්තිවන්තකම වැඩි වැඩියෙන් නැති වේ.
එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.
ප්‍රිය දරුවෙනි, අවසාන මොහොත පැමිණ ඇත. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝධියා එන බව ඔබ අසා ඇත. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති. මේ කරුණින් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ.
ප්‍රේමවන්තයෙනි, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට, ඔවුන්ට ආත්මයාණන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යයෙකු වූ බව නොපිළිගන්නා බොහෝ රැවටිලිකාරයෝ ලොව පුරා විසිර ගොස් සිටිති. මොවුහු රැවටිලිකාරයෝ ය, ක්‍රිස්තු-විරෝධියෝ ය.
මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.
ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස, ඔහු පාතාලයට හෙළා, එය වසා, මතුපිට මුද්‍රා තැබී ය. මින්පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතු ය.
පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.