ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.
කොලොස්සි 2:20 - Sinhala New Revised Version 2018 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්, Sinhala New Revised Version ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්, සිංහල කාලීන පරිවර්තනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත්වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද: Sinhala Revised Old Version නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව: |
ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.
එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.
මේ දෙජාතිය, නව මනුෂ්‍යත්වයක් කොට මවා, සමඟිය ඇති කරන පිණිස, උන් වහන්සේ නීති නියෝග ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක.
අණපනත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක.
එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද?
ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.
මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි.
නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.
අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.