Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 2:20 - සිංහල කාලීන පරිවර්තනය

20 ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත්වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 2:20
19 හුවමාරු යොමු  

ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.


එබැවින් ඔබ ගන්නා ආහාර හා පාන ගැන හෝ මංගල්‍ය උත්සවයක් ගැන හෝ නවසඳ දවසක් ගැන හෝ සබත් දවසක් ගැන ඔබ විනිශ්චය කරන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න.


එසේම අපත්, බාලයන්ව සිටියදී ලෝක ධර්මතාවනට වහල්ව සිටියෙමු.


අපට එදිරිව, අපට විරුද්ධව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක.


අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකයම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු.


සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.


පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.


එහෙත් ලෝකයට මා කුරුසිපත් කළ, ලෝකය ද මට කුරුසිපත් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කුරුසිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් පාරට්ටු කර ගැනීමට කිසි කලෙකත් මට සිදු නො වේවා!


මන්ද අප මාංසයෙහි ජීවත් වුව ද, අප මාංසයට අනුව යුද්ධ කරන්නේ නැත.


ඔබ ලෝකයට අයිති නම්, තමන්ගේම එකකුට සේ ලෝකයා ඔබට ප්‍රේම කරනු ඇත. එහෙත් ලෝකයා ඔබට වෛර වන්නේ, ඔබ ලෝකයෙන් නො වන නිසාත්, මා ලෝකයෙන් ඔබ තෝරාගත් නිසාත් ය.


ආඥා හා නියෝග රැගත් දහම් නීති අහෝසි කරමිනි. උන්වහන්සේගේ අරමුණ වූයේ මේ දෙගොල්ලගෙන් තමන්වහන්සේ තුළ එක නව මිනිසකු නිර්මාණ කිරීමත්, එසේ සාමය සලසමින්,


මන්ද ඔබ මැරුණු බැවින්, ඔබගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා ඇත.


“මේවාට අත නො ගසනු! මේවා රස නො බලනු! මේවා ස්පර්ශ නො කරනු!” යන


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්