එහි සිටි සමූහයා එය අසා, “ගිගුරුමකැ”යි කී හ. ඇතැමෙක්, “දේව දූතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය”යි කී හ.
ක්‍රියා 9:7 - Sinhala New Revised Version 2018 ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. Sinhala New Revised Version ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. සිංහල කාලීන පරිවර්තනය සාවුල් හා ගමන් ගත් මිනිස්සු කතා කර ගත නො හැකිව බලා සිටියහ. ඒ කටහඬ ඔවුන්ට ඇසුණ නමුදු, කිසිවකුත් දකින්නට නො වීය. Sinhala Revised Old Version ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය. |
එහි සිටි සමූහයා එය අසා, “ගිගුරුමකැ”යි කී හ. ඇතැමෙක්, “දේව දූතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය”යි කී හ.