නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය,
ක්‍රියා 9:17 - Sinhala New Revised Version 2018 අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. Sinhala New Revised Version අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය එබැවින් අනනියස් පිටත්ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය. Sinhala Revised Old Version අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ආවාවූ මාර්ගයෙහිදී නුඹට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය. |
නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය,
එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.
“මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය.
එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය.
එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව,
ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙහෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත.
එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය.
අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ ”යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.
මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.
උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.
පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ.
ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.
ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, “සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති.
මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි.
මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.
ඔව්හු මේ අය අපෝස්තුළුවරු වෙත ඉදිරිපත් කළහ. අපෝස්තුළුවරයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.
එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ,
එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙස ම, ඔබත් එකිනෙකා පිළිගන්න.
මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම අපෝස්තුළුවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?
දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න.
ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න.
ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි.
එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳාණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය.
බව්තීස්ම-ස්නාපනය ද අත් තැබීම ද මළවුන්ගේ උත්ථානය ද සදාතන විනිශ්චය ද යන මේවා පිළිබඳ ඉගැන්වීම් ගැන නැවත වෙහෙසීමට වුවමනාවක් නැත. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු.
අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය.