කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිරියත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.
ක්‍රියා 8:2 - Sinhala New Revised Version 2018 සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ. Sinhala New Revised Version සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ. සිංහල කාලීන පරිවර්තනය භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදාන කර, ඔහු ගැන බෙහෙවින් ශෝක වූහ. Sinhala Revised Old Version භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ. |
කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිරියත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.
තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය.
දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය.
හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.
ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.
එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.
එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.
මුළු ජනතාව ආරොන් මියගිය බව දැනගත් විට, ඉශ්රායෙල් වංශයේ සියල්ලෝ ම දින තිහක් ආරොන් උදෙසා වැලපුණාහ.
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි.
ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය. ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට අපෝස්තුළුවරු හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ.
එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.
ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණෝ ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය.
මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි.