ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 4:5 - Sinhala New Revised Version 2018

පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

පසුවදා ඔවුන්ගේ පාලකයෝ ද වැඩිහිටියෝ ද දහම් පඬිවරු ද යෙරුසලමේදී එකට රැස් වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද පසුවදා ඔවුන්ගේ මුලාදෑනියෝද වැඩිමහල්ලෝද ලියන්නෝද,

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 4:5
12 හුවමාරු යොමු  

එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.


සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ.


එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ,


පහන් වූ කෙණෙහි ම, නායක පූජකයන් ද විනයධරයන් ද ඇතුළු ප්‍රජා මූලිකයන්ගේ සංගමය රැස් ව, සිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට උන් වහන්සේ ගෙන ගොස්,


පිලාත් නායක පූජකයන් ද ප්‍රධානීන් ද සෙනඟ ද රැස් කරවා,


නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ.


එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: “ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි,


එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, අපෝස්තුළුවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය:


තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ.