එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය.
ක්‍රියා 28:10 - Sinhala New Revised Version 2018 ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය. Sinhala New Revised Version ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ. Sinhala Revised Old Version ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය. |
එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය.
එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”
ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
ඒ දිවයිනේ ශීත කාලය ගත කර තුන් මාසයකට පසු, ‘නිඹුල් සොහොයුරු’ යන සලකුණ ඇති අලෙක්සන්ද්‍රියාවේ නැවකට නැඟී අපි පිටත් වුණෙමු.
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.