ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 21:26 - Sinhala New Revised Version 2018

පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

පසු දින පාවුල් ඒ මිනිසුන් කැටිව ගොස්, ඔවුන් සමඟ තමා ද පවිත්‍ර කරගත්තේ ය. ඉන්පසු පවිත්‍ර වීම සම්පූර්ණ වන දිනයත්, ඔවුන් එකිනෙකා ඔප්පු කළ යුතු පුද පූජාත් ගැන දැනුම් දෙන පිණිස, ඔහු දේව මාලිගයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට පාවුල් ඒ මනුෂ්‍යයන් රැගෙන, පසුවදා ඔවුන් සමඟ පවිත්‍ර වී දේවමාළිගාවට පැමිණ, ඔවුන් එකිනෙකා උදෙසා පූජාවක් ඔප්පුකරන තුරු පවිත්‍රවීමේ දවස් සම්පූර්ණකරන බව දැන්නුවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 21:26
6 හුවමාරු යොමු  

“ ‘යමෙකුගේ මෘත ශරීරය ස්පර්ශ කරන තැනැත්තා සත් දිනක් අපවිත්‍ර ව සිටියි.


එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ.


ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.


මේ සම්බන්ධයෙන් ඔවුන් දේව මාලිගාවේ දී මා දුටුවේ මා පවිත්‍ර කිරීමේ පිළිවෙත ඉටු කළායින් පසුව ය. එහි මා සමඟ සෙනඟක් සිටියේ නැත; කලබලයක් ද නොතිබිණි. එහෙත් ආසියාවෙන් පැමිණි සමහර ජුදෙව්වරු එහි සිටියෝ ය.


ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි.