එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,
ක්‍රියා 21:13 - Sinhala New Revised Version 2018 එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය. Sinhala New Revised Version එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය පාවුල් පිළිතුරු දෙමින්, “හඬා දොඩා මගේ හද කඩන්නේ ඇයි? බඳිනු ලබන්නට පමණක් නො ව යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා යෙරුසලමේදී මැරෙන්නට වුවත් මම සූදානම්” යැයි කීවේ ය. Sinhala Revised Old Version එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය. |
එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,
මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”
රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන් ජෙරමියා අල්ලා රාමායෙන් නිදහස් කර හරිනු ලැබූ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. බබිලෝනියට ගෙන යන පිණිස ජෙරුසලමෙන් ද ජුදා රටෙන් ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ජෙරමියා ද දම්වැල්වලින් බැඳ තබන ලදී.
“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?
එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, “ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය.
එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.
එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
සහෝදරවරුනි, මම දිනපතා මරණය විඳිමි. මා එසේ කියන්නේ අප ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරය නිසා ය.
ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.
ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය.
ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.
ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරගැනීම පිණිස මම ඔබ දකින්නට ආශාවෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි.
මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ.
මන්ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වටහා දුන් ලෙස, නොබෝ කලකින් කූඩාරමක් වැනි මේ ශරීරය හැරපියා යන බව මම දනිමි.
ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.
ඉවසීමෙන් සිටින්නැ යි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින්, ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි.
එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්‍රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.
සාමුවෙල් පිළිතුරු දෙමින්, “එසේ නම්, මට ඇසෙන මේ බැටළු හඬත්, මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක් දැ”යි ඇසුවේ ය.