දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දූතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක,
ක්‍රියා 16:9 - Sinhala New Revised Version 2018 එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: “මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය. Sinhala New Revised Version එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: “මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය. සිංහල කාලීන පරිවර්තනය රාත්‍රියේ පාවුල් දර්ශනයක් දිටී ය. මකිදෝනියෙහි වැසියකු සිටගෙන, “මකිදෝනිය වෙත අවුත් අපට උපකාර කරන්නැ” යි උදක්ම ඉල්ලනු ඔහුට පෙනිණි. Sinhala Revised Old Version පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය; එනම්: මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද සිටියේය. |
දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දූතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක,
එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට,
ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු.
එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු.
සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.
මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.
ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය.
එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ.
කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය.
ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය.
අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.
ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ “පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ.
මන්ද, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ අතර සිටින දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියේත් ග්‍රීසියේත් සභාවන් තීරණය කර ඇත.
තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි.
ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය.
මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි.
සහෝදරවරුනි, මසිදෝනියාවේ සභාවන්ට දෙවියන් වහන්සේ දී ඇති වරප්‍රසාදය ගැන අපි ඔබට දන්වනු කැමැත්තෙමු.
ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත.
එය ඇත්තේ මුහුදින් එතෙර ද නොවේ; එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය.
සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.