මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්‍රියා කෙළෙමි; සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි.
ක්‍රියා 16:28 - Sinhala New Revised Version 2018 එහෙත් පාවුලු, කතා කරමින් “ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය. Sinhala New Revised Version එහෙත් පාවුලු, කතා කරමින් “ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය. සිංහල කාලීන පරිවර්තනය එසැණේම, “කිසි අනතුරක් කරගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය. Sinhala Revised Old Version නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය. |
මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්‍රියා කෙළෙමි; සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි.
මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;
අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද?
කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.
එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය.
එකල ඔහු පහනක් ඉල්ලා ගෙන ඇතුළට පැන, බියෙන් වෙවුලමින්, පාවුලු සහ සීලස් ඉදිරියෙහි වැටී,
කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.