ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 16:25 - Sinhala New Revised Version 2018

එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය;

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 16:25
38 හුවමාරු යොමු  

එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත.


සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි; ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි.


ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි.


මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි; පිළිතුරක් නැත; රාත්‍රියේදීත් හඬගසමි; ඉස්පාසුවක් නැත.


හැම වේලේ ම හිමිතුමාණන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමාණන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි.


එබැවින් හිමිතුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමාණන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක.


විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.


මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


එහෙත්, දෙවිඳුන්ගේ සෙනඟ වන ඔබ, ප්‍රීතියෙන් පිනා යන්නහු ය; ශුද්ධ මංගල්‍ය පවත්වන රාත්‍රියේ දී මෙන් ගී ගයන්නහු ය; ඉශ්රායෙල්හි ආරක්ෂකයාණන් වන සමිඳුන්ගේ මාලිගාවට යන මාර්ගයේ නළා තාලයට පියවර නඟන අය මෙන් ප්‍රීති වන්නහු ය.


ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.


උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි.


එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි අපෝස්තුළුවරුන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය.


එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය.


මුලාදෑනියා රාත්‍රියේ ඒ පැයේ දී ම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාළ සේදුවේ ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එවලේ ම බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.


එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.


බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; විපතේ දී ඉවසිලිමත් වන්න; යාච්ඤාවෙහි නොකඩව යෙදෙන්න;


එපමණක් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ල ද,


ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.


ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න.


ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.


ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.


මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන,


ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා.


ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක.