ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.
ක්‍රියා 11:29 - Sinhala New Revised Version 2018 එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ. Sinhala New Revised Version එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ. සිංහල කාලීන පරිවර්තනය එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ. Sinhala Revised Old Version එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයෙහි විසූ සහෝදරයන්ට ආධාරෝපකාර යවන්ට නියමකරගත්තෝය. |
ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.
“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.
මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
විජාතීන් විසින් ද දේව වචනය පිළිගනු ලැබූ බව ජුදයෙහි සිටි අපෝස්තුළුවරුන්ටත් සහෝදරයන්ටත් ආරංචි විය.
ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.
එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.
“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.
අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්,
ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ.
එහෙත් ඔහුගේ ශ්‍රාවකයෝ රාත්‍රියේ ඔහු ගෙන ගොස්, කූඩයක බහා, පවුරෙහි විවරයකින් පහළට බැස්වූ හ.
ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය.