තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ.
එළිදරව් 9:2 - Sinhala New Revised Version 2018 එය පාතාල වළ විවෘත කෙළේ ය. එවිට එයින් මහත් උදුනකින් මෙන් දුමක් නැඟී, ඉරත් ආකාශයත් වළේ දුමෙන් අඳුරු විය. Sinhala New Revised Version එය පාතාල වළ විවෘත කෙළේ ය. එවිට එයින් මහත් උදුනකින් මෙන් දුමක් නැඟී, ඉරත් ආකාශයත් වළේ දුමෙන් අඳුරු විය. සිංහල කාලීන පරිවර්තනය ඔහු පතුලක් රහිත අගාධ වළ විවර කළ කල්හි, යෝධ උඳුනකින් නැගෙන දුමක් සේ එයින් දුම් නැගිණි. වළෙන් නැගුණු දුමින් හිරුත්, අහසත් අඳුරු විය. Sinhala Revised Old Version ඔහු පාතාලයේ වළ විවෘතකළේය; එවිට මහත් උදුනක දුම මෙන් දුමක් වළෙන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය. |
තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ.
ඔහු සොදොම් සහ ගොමොරා දෙස ද මුළු මිටියාවත දෙස ද බැලූ විට, පුදුමයෙන් පුදුමයකි! පොළොවෙන් බුර බුරා නඟින දුම් කඳ, උදුනකින් දමන දුමක් මෙන් දිටී ය.
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.
ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.
ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.
තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ.
ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.”
පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ ය. ඔහුගේ රාජ්‍යය අඳුරින් වැසී ගියේ ය. ඔව්හු වේදනා නිසා දිව් විකාගත්හ.
සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.
පස් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට අහසින් තාරකාවක් පොළොවට වැටී තිබෙනු මම දිටිමි. එයට පාතාල වළේ යතුර දෙන ලදී.
පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි)
මෙසේ අශ්වයන් ද උන් පිට හුන් අය ද මම දර්ශනයෙන් දිටිමි. ඔව්හු ගිනි ද නිල් කැට ද ගෙන්දගම් ද පැහැති ළය වැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි ය. උන්ගේ කටින් ගිනි ද දුම් ද ගෙන්දගම් ද නික්මිණි.