මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක. එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
එළිදරව් 22:12 - Sinhala New Revised Version 2018 “මෙන්න, මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව විපාක දීම මා සතු ව ඇත. Sinhala New Revised Version “මෙන්න, මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව විපාක දීම මා සතු ව ඇත. සිංහල කාලීන පරිවර්තනය “මෙන්න! මම ඉක්මනින් එමි! හැම කෙනෙක්ම කළ කළ දේ අනුව ඔවුන්ට විපාක දෙන පිණිස, මගේ විපාක මා ළඟ ඇත. Sinhala Revised Old Version මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ. |
මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක. එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව; ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බලපරාක්‍රමයෙන් වඩින සේක. වික්‍රමයෙන් පාලනය කරන්න වඩින සේක. ත්‍යාගයන් එතුමාණෝ තමන් සමඟ ගෙන එන සේක. තම සෙනඟට විපාකයන් ප්‍රදානය කරන සේක.
සමිඳුන් පොළොවේ සීමා දක්වා මෙසේ ප්‍රකාශ කර ඇත: “අන්න, නුඹේ ගැළවුම්කාරයාණෝ, එතුමාණෝ විපාක දෙන සේක. දිනාගත් දීමනාව ගෙනෙන සේකැ යි ජෙරුසලම් වැසියන්ට ප්‍රකාශ කරන්න.”
සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
සමිඳාණන් වහන්සේගේ මහා දවස ළඟ ය; එය විගසින් ම පැමිණේ. සමිඳාණන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරි ය. ඒ දවසේ දී හේවායෝ පවා බියෙන් කෑගසති.
මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.
පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.
මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.
මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.
මේ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ, “සැබැවින් ම මම ඉක්මනින් එමි”යි වදාරන සේක. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව!
මෙන්න, මම ඉක්මනින් එමි”යි කී ය. “මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි”යි උන් වහන්සේ වදාරන සේක.