ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය.
එස්රා 4:22 - Sinhala New Revised Version 2018 රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.” Sinhala New Revised Version රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.” Sinhala Revised Old Version අප්‍රමාදව මේක කරන ලෙස බලාගන්න. රජවරුන්ට අලාභ පැමිණෙන හැටියට අනතුරු වැඩිවෙන්ට ඉඩදෙන්නේ මක්නිසාද යනුයි. |
ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය.
එබැවින් මා විසින් නියෝගයක් පමුණුවන තුරු ඒ නගරය ගොඩනොනඟන පිණිස ඒ මිනිසුන්ගේ වැඩ නවත්වන හැටියට නියෝගයක් කරන්න.
අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.