සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.
එස්රා 4:19 - Sinhala New Revised Version 2018 මා අණ දුන් පරිදි විභාගයක් ද කරන ලද්දේ ය. ඒ අනුව, මේ නගරය පුරාණ කාලයේ සිට රජවරුන්ට එදිරිවාදිකම් කර ඇති බවත්, එහි කැරලිගැසීම් ද ද්‍රෝහිකම් ද සිදු වී ඇති බවත් පෙනී ගොස් තිබේ. Sinhala New Revised Version මා අණ දුන් පරිදි විභාගයක් ද කරන ලද්දේ ය. ඒ අනුව, මේ නගරය පුරාණ කාලයේ සිට රජවරුන්ට එදිරිවාදිකම් කර ඇති බවත්, එහි කැරලිගැසීම් ද ද්‍රෝහිකම් ද සිදු වී ඇති බවත් පෙනී ගොස් තිබේ. Sinhala Revised Old Version මා විසින් අණදෙන ලදුව විභාගයක්ද කරනලද්දේය. එවිට ඒ නුවර පුරාණ කාලයේ විරුද්ධකම්කළ බවත් එහි කැරළිද ද්‍රෝහිකම්ද සිදුවූ බවත්, |
සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.
මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.
ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත.
තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.
ඒ නිසා රජුට යහපතැ යි පෙනේ නම්, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජු විසින් නියෝගයක් කරන ලද්දේ දැ යි බබිලෝනියේ තිබෙන රජුන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලන්න සලස්වා, මේ කාරණය ගැන රජතුමාගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව.”
ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,